වැදගත් සිදුවීම්

අනුරාධපුර බසවක්කුලම වැවෙහි කැලිකසල ඉවත් කිරිමට නාවික හමුදාව එක්වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කෙරෙන ජාතික සමාජ සත්කාර මෙහෙවරෙහි තවත් එක් වැඩසටහනක් ලෙස අනුරාධපුර බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කිරිම නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.

21 Sep 2016

නාවික හමුදාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානී සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී හමුවෙයි

2016 සැප්තැම්බර් මස 21 වන දින සිට 23 වන දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් රිචඩ්සන් මහතා සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් මහතා හමුවිය.

21 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 Sep 2016

දියකාවා යුද මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙයි
 
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අද (20) ත්‍රිකුණාමලය කෝකිලායි මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

20 Sep 2016

ඔයාමඩුව, මහා කාශ්‍යප විද්‍යාලයේ සිසු දරු දැරියන්හට පාවහන් පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගනුම ලබන දරු දැරියන් හට පාවහන් ප්‍රදානය කිරීමේ දෙවන අදියර ඊ‍යේ (19) දින සිදු කෙරිණි.

20 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (19) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

19 Sep 2016

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජීඑස්එස් අබේවීර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලදී.

16 Sep 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් කොළඹ වරායෙහි පිහිටි, ශ්‍රීලංනානෞ රංගල සහ වැලිසර හි පිහිටි, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (15) කඳාන ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

16 Sep 2016

පොල්පිතිගම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් පොල්පිතිගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

15 Sep 2016

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

15 Sep 2016