වැදගත් සිදුවීම්
ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වූ මාර්ග ධාවනය සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි

ලෝක හමුදා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017 අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගි විය.
18 Feb 2017
නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හලාවත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මුතුපන්තිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
18 Feb 2017
නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (17) කරදක්කුලි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් හට සහාය විය.
18 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු උසස් නිලධාරීන් හමුවෙයි

සිය පාකිස්තානු නිල සංචාරය අතතුරදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (16) එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවිය.
17 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු යුද හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (16) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී එරට යුද හමුදාධිපති, ජෙනරාල් ඛුමාර් ජාවෙඩ් බජ්වා මහතා හමුවිය.
17 Feb 2017
කරාතේ ක්‍රීඩාව හැදෑරූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් සඳහා වර්ණ පටි පැළඳ වීම වැලිසර දී

නාවික හමුදා කරාතේ සංචිතය යටතේ පුහුණුව ලැබූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරු දැරියන් 8 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සහ වර්ණ පටි පැළඳවීමේ උත්සවය පසුගිය 8 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ දී පැවැත්විණි.
17 Feb 2017
නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ ලාහෝර් නුවර නාවික යුද පුහුණු පාසලේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන එම රටේ සහ අනෙකුත් විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.
16 Feb 2017
නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දෙයි

මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත.
16 Feb 2017
බ්‍රසීල තානාපතිනි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි, අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
15 Feb 2017
පාකිස්තානයේ පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 සමාප්ති උළෙලට නාවික හමුදාධිපතිතුමන් එක් වේ

පාකිස්තානයේ කරච්චි නුවර ඊයේ (14) පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 හි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වීය.
15 Feb 2017