වැදගත් සිදුවීම්

ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබලුන් පිරිසක් එක්ව ඊයේ (3) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ගංජා කිලෝග්‍රෑම් 4 ක්ද සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (3) සමත් විය.

04 Oct 2016

නාවික හමුදා කිමිදුම්කරුවන් ගිලීගිය වාලම්පූරි යාත්‍රාව ‍සොයා ගනී
 

‍ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් 1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී ගිලීගිය වාලම්පූරි යාත්‍රාව අද (3) සොයා ගන්නා ලදී.

03 Oct 2016

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරු නාවික විධානයට අයත්, නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (3) නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

03 Oct 2016

යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (2) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

03 Oct 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) තලෙයිමන්නාරම වැලිපර හය සහ හත අතර ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

02 Oct 2016

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
 

‍නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (1) ගොපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

02 Oct 2016

ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනතා අයිතියට පත් කෙරේ
 

‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

01 Oct 2016

බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

‍බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය.

30 Sep 2016

කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.

30 Sep 2016