වැදගත් සිදුවීම්

ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලාව ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලව සඝසතු කොට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

23 Oct 2016

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදාධිපතිතුමන් එක්වේ
 

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජාතික රුක්රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.

22 Oct 2016

ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා අද (22) කොළඹ වරායෙන් පිටත් විය.

22 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Oct 2016

27 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (21) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් කාඩ්මට් නෞකාවේදී පවත්වන ලදී.

22 Oct 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කුරිකට්ටුවාන් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

21 Oct 2016

නීතිවිරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) වෙතින් ලැබුණු ‍තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) නොරෙච්චෝලේ සහ කප්පල්අඩි කළපුව අතර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

20 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Oct 2016

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (18) සමත් විය.

19 Oct 2016

නැගෙනහිර නාවික විධානය ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගනී
 

පරිසර හිතකාමී මට්ටමින් පවත්වාගෙන යනු ලබන හොදම රාජ්‍ය ආයතනයට හිමි ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගැනීමට නැගෙනහිර නාවික විධානය සමත් විය.

18 Oct 2016