වැදගත් සිදුවීම්

නාවික හමුදා ශ්‍රමයෙන් සහ දැනුමින් ඩෙල්ෆ් දූපතේ ජැටියේ ඉදි කිරීම් ආරම්භ කෙරේ
 
 

දිගු කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවැති ඩෙල්ෆ් දූපතේ නව ජැටියේ ඉදිකිරීම් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා මිනිස් ශ්‍රමය සහ දැනුම යොදා ගනිමින් නව ජැටියේ ඉදිකිරීම් ඊයේ (4) උතුරු නාවික පෙදෙස භාර අඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

05 Nov 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටි‍යෙහි පිහිටි විජය නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 3 වන දින උඩප්පුව සහ මාම්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 4 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

05 Nov 2016

පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලිය සඳහා සහභාගි වන නාවික හමුදා රග්බි ක්‍රීඩකයන් හට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (4) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී රගර් ජර්සී ප්‍රදානය කරන ලදි.

05 Nov 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ඊයේ (3) සහ අද (4) ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පවත් වන ලදි.

05 Nov 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

04 Nov 2016

නාවික හමුදාධිපතිතුමන් ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා වාර්ෂිකව පවත් වනු ලබන ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ සිව්වන වරටත් ඊයේ (3) කොළඹදී පවත් වන ලදී.

04 Nov 2016

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්‍ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) බූන්දල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස බිත්තර සහිත පොකිරිස්සන් 62 ක් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

03 Nov 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (31) පණ්ඩතිව්මුනෙයි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Nov 2016

“සෙඩ්රික්” යාත්‍රාවක් නාවික කෞතුකාගාරයේ තැන්පත් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “‍සෙඩ්රික්” (Cedric) යාත්‍රාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික කෞතුකාගාරයේ තැන්පත් කර එය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (31) උදෑසන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැතිතුමා අතින් සිදු කෙරිණි.

01 Nov 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (1) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

01 Nov 2016