වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට‍
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සල්ලී සම්බලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ.

29 Nov 2016

ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි ප්‍රධානීන් සහ විදේශීය සාගරික සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

29 Nov 2016

ගාලු කථිකාව 7 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හත්වන වසරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

29 Nov 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසන් ඊයේ (27) පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42ක් සමග පුද්ගලයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

28 Nov 2016

7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදී කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

28 Nov 2016

ගාලු කතිකාව 2016 වෙනුවෙන් තවත් විදෙස් නාවික ප්‍රධානීන් දෙදෙනෙක් දිවයිනට පැමිණේ
 

7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා තවත් විදෙස් නාවික ප්‍රධානීන් 2 දෙදෙනෙකු අද (27) සවස දිවයිනට ලගා විය.

27 Nov 2016

ගාලු කතිකාව 2016 වෙනුවෙන් විදෙස් නාවික ප්‍රධානීන් දිවයිනට පැමිණේ
 

මෙම මස 28 සහ 29 යන දෙදින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට නියමිත 7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් රොබ් වර්කග් මහතා, ජර්මානු නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් අන්ඩ්‍රියස් ක්‍රවුස් මහතා සහ එම මැතිණිය ඊයේ (26) දිවයිනට පැමිණියහ.

27 Nov 2016

යුද හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (26) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති තරඟයෙන් යුද හමුදා පිල පරදවා ලකුණු 25 - 24 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.

27 Nov 2016

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ගොඩනැගුනු වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත් වී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දීප ව්‍යාප්තව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේ අභයපුර සහ සෙනරත්පුර ගම්මානවල ජනතාව සදහාද කැකිරාව ප්‍රදේශයේ පඩිකාරම්මඩුව ගම්මානය සදහා ද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.

26 Nov 2016

66 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් අද (24) පැවැත්විණි.

25 Nov 2016