වැදගත් සිදුවීම්

ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී
 

ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඊයේ (1) උතුරු මැද ප්‍රදේශයේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එතුමන් අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.

02 Dec 2016

නාවික හමුදා 66 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

2016 දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (1) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.

02 Dec 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මහ‍ රෝහලේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කෙරේ
 

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට සමගාමීව වකුගඩු රෝගය නිවාරණය කිරීමේ දැවැන්ත මෙහෙවරේ පෙර ගමන් කරුවෙකු බවට පත්ව සිටින නාවික හමුදාව සිය පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිපදවා ස්ථාපිත කරන ලද 56 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය අද (1) යාපනය මහරෝහල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

02 Dec 2016

ඉන්දීය නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
 

පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල්, සුනිල් ලන්බා මහතා ඊයේ (30) නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත විය.

01 Dec 2016

එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති නැගෙනහිර නාවික විධානයේ චාරිකාවාරයක නිරත වෙයි
 

ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති, අද්මිරාල් හැරී බී. හැරිස් මහතා නොවැම්බර් මස 29 වන දින නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.

01 Dec 2016

උපාය මාර්ගික සාගරික සබඳතාවයන් වර්ධනය කර ගනිමින් 2016 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (29) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

30 Nov 2016

66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් මුස්ලිම් ආගමික වැඩසටහන් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන අද (30) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

30 Nov 2016

ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා විසින් සිදු කරන ලද දේශණය
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින නාවික ප්‍රධානීන් සහ ප්‍රභූ පුද්ගලයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් ඇතුළු මහත්ම මහත්මීනි.

30 Nov 2016

ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති අද්මිරාල් හැරී බී හැරිස් මහතා විසින් සිදු කළ දේශණය
 

ඉන්දු - ආසියා පැසිෆික් කළාපයේ නාවික හමුදාවන් සමඟ උපාගමාර්ගික සබඳතා ගොඩනැගීම සම්බන්ධව එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති සහ අරමුණු

30 Nov 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) උඩප්පුව හා සින්නපාඩු අතර මුහුදු පුදේශයේ දී සහ උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

29 Nov 2016