වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික දිවියට සමුදෙනු ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් විශ්‍රාම යන ලදී.

16 Dec 2016

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

15 Dec 2016

හම්බන්තොට වරායේ දෛනික කටයුතු සඳහා නාවික හමුදාවෙන් තවදුරටත් සහය.
 

හම්බන්තොට වරාය පරිශ්‍රරයේ පසු ගිය (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ අතර, එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි.

15 Dec 2016

ඉන්දියාවේදී නිෂ්පාදිත දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම හිටපු නාවික හමුදා කපිතාන් වරයෙකුගේ දියණිය අතින් සිදු කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන්ගේ දෙවන නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දීයානු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අතිගරු චිත්‍රාංගනී වාශීෂ්වර මහත්මිය අතින් අද (15) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

15 Dec 2016

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු සහ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
 

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ජීවන්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (14) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

15 Dec 2016

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබිමේ සංචිතය ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියේදි විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කරයිේ
 

ආරක්ෂක සේවා ක්‍රීඩා උ‍ළෙලේ වෙඩිතැබ්මේ ශූරයින් ලෙස කිරුළු පැලැදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබිමේ සංචිතය 2016 දෙසැම්බර් මස 7 සිට 11 දක්වා තායිලන්තයේ පට්තායා හි පවත් වන ලද ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියට සහභාගි වන ලදි.

15 Dec 2016

සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ
 

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපුජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ උදාරතර සංකල්පයට අනුව දෙස් විදෙස් ධන පරිත්‍යාගශිලීන්ගේ ආධාරයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වයෙන්, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ‍ගොඩනැගිලි සහ නාවික තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වු ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අද (14) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

14 Dec 2016

‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව හම්බන්තොට වරායෙන් දකුණු අප්‍රිකාව බලා පිටත් වේ
 

දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව මෝටර් රථ හා ජීප් රථ 1,086 පැය 24 ක් ඇතුලත පැටවීමෙන් පසු ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත අද (14) පිටත්ව යන ලදි.

14 Dec 2016

නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව වෛද්‍ය සායනයක් පැවැත් වේ
 

නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව උතුරු මැද නාවික රෝහල සහ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය එක්ව සිදු කළ වෛද්‍ය සායනයක් කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රාථමික විද්‍යාලයේ දී පසු ගිය (10) ඉතා සාර්ථකව නිමා විය.

14 Dec 2016

නාවික හමුදාව විසින් හම්බන්තොට වරායෙන් වාහන 1,086 නැව්ගත කිරීමට සහය ලබා ‍දෙයි
 

පසු ගිය දෙසැම්බර් (7) දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද වන විට දින 7 ක් සම්පුර්ණ වේ.

13 Dec 2016