වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (20) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.

20 Dec 2016

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

18 Dec 2016

හයිපීරියන් හයිවේ ‍නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවාගැනිම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්.
 

2016 දෙසැම්බර් මස 10 දින හම්බන්තොට වරාය පරිශ්‍රයේ විරෝධතාකරුවන්ගේ ග්‍රහනයේ තිබු ‘හයිපීරියන් හයිවේ’ නැමති වාහන ප්‍රවාහන කිරිමේ විශාල ඝණයේ ‍නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවා ගෙන එහි ඊලග නැවතුම වන ඕමානය බලා යාත්‍රා කිරීමට සැලැස්විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාපති සහ සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව සහ විශේෂ ස්තූතිය කවසාකී කීසෙන් කයිෂා නැව් සමාගම විසින් ප්‍රකාශ ‍කර ඇත.

18 Dec 2016

නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සොයා ගැනේ
 

ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩෙල්ෆ් දුපතේහි, ඔත්තපානෙයි ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 ක් සොයා ගන්නා ලදී.

18 Dec 2016

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) පල්ලෙමුනායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Dec 2016

දෙවන අධි තාක්ෂණික නෞකාව නැවත දියත් මඟට ගැනේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම පසු ගිය 15 වෙනිදා ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී සිදු කෙරුණු අතර, එම නෞකාව නැවත දියත් මඟට ගැනිම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිදු කෙරුණි.

17 Dec 2016

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, ඊයේ (16) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 22 - 8 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය

17 Dec 2016

හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනිම සම්බන්ධව රජයෙන් නාවික හමුදාවට ප්‍රශංසා
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (15) ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවු අතර, එහිදි හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනීමේ මෙහෙයුමට අදාල විශේෂ වාර්තාවක් අගමැතිතුමන් හට භාර දෙන ලදි.

17 Dec 2016

රියර් අද්මිරාල් චන්දන කුලසේකර නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සිය 30 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (16) දින විශ්‍රාම යන ලදී.

16 Dec 2016

තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් දූපතේ දී
 

උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ සංවිධානය කරන ලද තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් මදදවේලී ප්‍රජා ශාලාවේ දී පසු ගිය (13) පවත් වන ලදි.‍

16 Dec 2016