වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා සහභාගී වෙයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අභිනවයෙන් ස්ථාපනය කෙරුණු මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය (Malima Diving Club - Trincomalee) නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි, ගරු ජුලී චන්ග් මහත්මිය (H.E. Juli Chung) 2023 ජුලි මස 15 වන දින සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

17 Jul 2023

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

15 Jul 2023

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

15 Jul 2023

වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින බහුකාර්යය උත්සව ශාලා‍වේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින්, වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙන නවීන පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුලි මස 14 වන දින වැලිසර නාවික පරිශ්‍රයේදී සිදු කෙරිණි.

15 Jul 2023

අභිනව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, අද දින (2023 ජූලි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

13 Jul 2023

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන Vinod Kurain Jacob මහතා අද දින (2023 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

12 Jul 2023

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

11 Jul 2023

ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර නිල හමුවක්

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී (Commander Joint Agency Task Force Operation Sovereign Borders) රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නියෝජිතයන් පිරිසක් අද දින (2023 ජුලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

10 Jul 2023

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී පැවැත්වූ යාත්‍රාවන් සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවක් සාර්ථකව අවසන් වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය මඟින් ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පාඨමාලාවනක්‌ සාර්ථකව අවසන් වූ අතර, එහි සහතික ප්‍රදාණය 2023 ජුලි මස 07 වන දින එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ, ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධීකාරක (The Programme Coordinator, Indian Ocean East Team of Global Maritime Crime Programme) සිජි සොන්ග් (Siji Song) මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

09 Jul 2023

මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි

සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration - IOM), මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF) හා එක්ව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2023 ජුලි මස 04 සහ 05 දෙදින කොළඹදී පවත්වන ලද හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

06 Jul 2023