වැදගත් සිදුවීම්

නීති විරෝධී ගංජා හේන් දෙකක් සහ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

කිරින්ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව කතරගම, දඹේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන ලදී.

22 May 2017

කැනේඩියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

කැනේඩියානු රාජකීය නාවික හමුදාවේ සාගරික ආරක්ෂක සේවා සහ ශාන්තිකර කලාපීය ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් ඒආර්ටී මැක්ඩොනල්ඩ් මහතා සහ පසුගිය 20 වන දින කොළඹ වරායට පැමිණි කැනේඩියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජේජේ හචින්සන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 May 2017

පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

22 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.2 ක් සොයා ගැනේ; පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

22 May 2017

ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්‍රදේශ මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය.

21 May 2017

බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

කිරින්ද වෙරළාරක්ෂක බලකා‍යට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 May 2017

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය.

20 May 2017

රාජකීය කැනේඩියානු නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.

20 May 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි.

20 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 May 2017