වැදගත් සිදුවීම්

ඇමරිකානු නාවික හමුදාවේ “හොපර් ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “හොපර්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

19 Jan 2017

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක, වයිස් අද්මිරාල් ඩීඑම් දේශ්පාන්ඩේ මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

19 Jan 2017

හෙරොයින් ග්‍රෑම් 36 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලීහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්දාපුර්ම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (18) ගෝපාල්පුරම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 36. 230 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

19 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (16) එරුක්කුලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

16 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (16) නිමාවට පත් විය.

16 Jan 2017

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි.

16 Jan 2017

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

16 Jan 2017

උතුරු නාවික විධානයේ විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්වෙයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඩෙල්ෆ්ට් දූපත් වාසීන් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පසුගිය 12 වන දින පවත්වන ලදී.

16 Jan 2017

100 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටළු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලදි.

14 Jan 2017

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මීගමුව මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

14 Jan 2017