වැදගත් සිදුවීම්

‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වෙයි
 

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නිර්මාණය කර එළි දක්වන ලද ‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථයේ පළමු පිටපත අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.

27 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) චිරුතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Jan 2017

නාගදීප විහාරස්ථානයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ
 

නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුචලින්ද නාග දරණාරූඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා පූජා කිරීම අද (26) ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් සිදු කෙරිණි.

26 Jan 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

26 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) මුන්දම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.

26 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.1 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා‍ ලදී.

26 Jan 2017

අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.

25 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, තලෙයිමන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පේසාලෙයි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

25 Jan 2017

නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
 

නාවික හමුදා ඉතිහාසයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව සහතිකය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළාරක්ෂක යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය සමත් වී ඇත.

24 Jan 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හඳුන්වා දිය හැක.

23 Jan 2017