වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 8) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
09 Jul 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පොල්පිතිගම, කඳුබොඩගම ප්‍රදේශයෙහි අද (08) ජනතා අයිතියට පත් කෙරුණි.
08 Jul 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී.
07 Jul 2017
නීති විරෝධී ලෙස අල්ලන ලද පොල් කොළ මෝරු (Ocean white strip shark) තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 07) උදැසන බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි.
07 Jul 2017
ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.
07 Jul 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් ඊයේ (ජුලි 05) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
06 Jul 2017
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි,06) වෙල්ල මුන්දලම් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
06 Jul 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 06) ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
06 Jul 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 11 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පෑලියගොඩ ප්‍රදේශයේ හතරේ කණුව කළු පාලම අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 11 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (ජුලි 5) අත්අඩංගුවට ගන්නා ලදී.
05 Jul 2017
නාවික හමුදා මැරීන් බලඝණය සංවිධානය කළ Alligator (කිඹුලා) අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණය නාවික පුද්ගලයින් සහ යුධ හමුදාවේ කොමාණ්ඩෝ සහ විශේෂ බලකායට අනුයුක්ත හමුදා පුද්ගලයින් Alligator (කිඹුලා) අභ්‍යාසය අද (ජුලි 05) සාර්ථකව නිම කරන ලදි.
05 Jul 2017