වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් සමග ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 12) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

13 Jul 2017

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 12) විවෘත කෙරිණි.

12 Jul 2017

නාවික හමුදා මැරීන් බලඝණයේ නිල් තල්මසා III අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයේ දෙවන බල ඇණියේ නාවික පුද්ගලයින් විසින් සිය පාඨමාලාවේ අවසන් පුහුණු අභ්‍යාසය වන නිල් තල්මසා III, භූ ජල තරණ අභ්‍යාසය අද (ජුලි 12) සාර්ථක ලෙස නිම කරන ලදි.

12 Jul 2017

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් විය.

11 Jul 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 11) නොරෙච්චෝලෙයි ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

11 Jul 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් විවෘත කෙරේ‍
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

11 Jul 2017

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

11 Jul 2017

රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී.

11 Jul 2017

සුහද සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිගෙට් වර්ගයේ (ANZAC – Class Frigate) ‘අරුන්ටා’ යුද නෞකාව අද (10) සුහද සංචාරයක් සඳහා ‍කොළඹ වරායට සේන්දු විය.

10 Jul 2017

සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි අද (09) ජනතා අයිතියට පත් කෙරුණි.

09 Jul 2017