වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය 5 වන දින යාපනය, එළුවතිව් දූපතේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

07 Mar 2017

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන විශේෂ සම්මානයකට පාත්‍රවේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමේ වැඩසටහන ජපන්, ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය මගින් සංවිධානය කරන ලද “JASTECA” (Japan Sri Lanka Technical & Cultural Association) සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මානයකට පාත්‍රවිය.

06 Mar 2017

ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40 ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, කිතුනු බැතිමතුන් 700 කගේ පමණ සහභාගීත්වයෙන්, පසුගිය 3 වන දින පැවති මෙම මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් විසින් පූර්ණ සහයෝගය ලබා දී ඇත.

06 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (4) සමත් විය.

05 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

05 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (3) පුල්මුඩේ ප්‍රදේශයට ඊසාන දෙසින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

04 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාර‍මෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (2) මන්නාරමට ගිණිකොනින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

03 Mar 2017

ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් අද (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

02 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Mar 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව පොලීසිය හා එක්ව ඊයේ (1) මීගමුව පරගමදේශයේ සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4ක් සමග පුද්ගලයෙකුඅත්අඩංගුවට ගන්නා ලදි.

02 Mar 2017