වැදගත් සිදුවීම්

පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 12 වන දින මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශේත්සාඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

14 Mar 2017

නයිජීරියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

නයිජීරියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු රියර් අද්මිරාල් ටී. ඩික්, කො‍මදෝරු ඉඕ ෆෙරීරෙ සහ කොමාණ්ඩර් ඒජේ බෙල්ලෝ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

14 Mar 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (13) මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

14 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.

14 Mar 2017

ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන - 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් හි තවත් එක් අංගයක් ලෙස ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

13 Mar 2017

පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශාහිඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

13 Mar 2017

කච්චතිව් දූප‍තේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්කර්ශවත් ලෙස නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

12 Mar 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු විය.

12 Mar 2017

නාවික හමුදාධිපතිතුමාගේ උතුරු නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

11 Mar 2017

හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ
 

ශාන්තිකර සහයෝගීතාවය 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී.

11 Mar 2017