වැදගත් සිදුවීම්

ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමක දී ඊයේ (17) ගංජා කිලෝග්‍රෑම් 3.150 ක් සමග පුද්ගලයෙකු, තණමල්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

18 Mar 2017

ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන් හම්බන්තොටදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පළමු නැවතුම්පොළ වශයෙන් හම්බන්තොට වරාය තෝරා ගනිමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‍ෆෝල් රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින ශ්‍රී ලංකාවට සේන්දු විය.

17 Mar 2017

මිශ්‍ර සටන් කලාව ප්‍රථම වරට නාවික හමුදාවට හදුන්වා දෙයි
 

ලොව සීග්‍රයෙන් ප්‍රචලිත වන සටන් කලාවක් වන මිශ්‍ර සටන් කලාව නිරූපනය කිරීමේ වැඩසටහනක් ඊයේ (16) කොළඹ, ශ්‍රී ලංකා නාවික‍ නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

17 Mar 2017

තණමල්විල, වටමඩකදන් පාලම ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී.

17 Mar 2017

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යලි එරටට භාර දීම අද (16) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

16 Mar 2017

‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේ‍රා මහතා විසින් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.

16 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් අනුරාධපුර, යාපනය, පො‍ළොන්නරුව යන දිස්ත්‍රික්කයන් හිදී පසුගිය දින කීපය තුළ ජනතා අයිතියට පත් කෙරිණි.

16 Mar 2017

ශ්‍රීලංනානෞ රත්නදීප ‍නෞකාව වෙත ඕස්ට්‍රේලියාවෙන් ආදේශන එන්ජිමක් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රත්නදීප නෞකාව සඳහා ආදේශන එන්ජිමක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි නාවික නෞකා රංගල පළමු ජැටියේදී සිදු කරන ලදි.

15 Mar 2017

ලීමා - 2017 ට සහභාගී වීම සඳහා සයුර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2017) සහභාගී වීම සඳහා අද (14) සවස කොළඹ වරායෙන් පිටත් විය.

14 Mar 2017

ඉන්දීය ධීවරයින් 77 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 12 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (14) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

14 Mar 2017