වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි
 

මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියා‍වේ ලංග්කාවී වරායට සේන්දු විය.

21 Mar 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

21 Mar 2017

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

21 Mar 2017

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2017, පසුගිය 17 සහ 18 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

20 Mar 2017

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට උතුරු නාවික විධානයේ සහාය
 

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (19) උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

20 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

20 Mar 2017

උතුරු නාවික විධානය විසින් යාපනය, මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (19) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදී.

20 Mar 2017

අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ජයග්‍රහණය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි සමස්ථ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වන දින සමත් විය.

20 Mar 2017

ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව හම්බන්තොට වරායෙන් නික්ම යයි.
 

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් විධානයට අයත් ෆෝල්රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින හම්බන්තොට වරායට ළඟා විය.

18 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Mar 2017