වැදගත් සිදුවීම්

බහාලුම් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දීය නාවික හමුදාවන් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහාය
 

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ (4) ගින්නක් හට ගන්නා ලදී.

04 Apr 2017

නීති විරෝධී ලෙස තඹ තහඩුවක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

බටහිර නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 4 වන දින ගම්පොල, මහර ප්‍රදේශයේදී අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් අත්අඩංගුවට ගෙන ඇත.

04 Apr 2017

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාවේ කොචින් වරාය බලා පිටත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (4) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාවේ කොචින් වරාය දක්වා යාත්‍රා කරන ලදී.

04 Apr 2017

නාවික හමුදාධිපතිතුමන්ගේ බ්‍රසීල සංචාරය හා ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිමතාර්ථ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ බ්‍රසීල සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිලාෂයන් ළඟා කර ගැනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය.

04 Apr 2017

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවරයින් 38 කට නිදහස
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර අනවසර ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු යලි එරටට භාර දීම අද (4) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

04 Apr 2017

ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘ශූර්’ නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘ශූර්’ නෞකාව අද (4) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලදී.

04 Apr 2017

සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ස්ථාපිත කෙරේ
 

වර්තමාන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් (ඉ) ප්‍රියංකර දිසානායකගේ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සමාජීය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන ලදී.

03 Apr 2017

Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් ස්ථාන දෙකකදී Water Gel කූරු කිලෝග්‍රෑම් 8.1 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අද (3) සමත් විය.

03 Apr 2017

පාපන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා නාවික හමුදා පා පන්දු කණ්ඩායම සහ යාපනය ශාන්ත නිකලස් පා පන්දු කණ්ඩාම අතර ඊයේ (2) යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගනයේ පැවති පා පන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියෙන් (FA Cup) ගෝල 1 ට 0 ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදා පාපන්දු කණ්ඩායම සමත් විය.

03 Apr 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්ට එක්වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සමග අද (2) කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ද්විපාර්ශ්වික නාවික පුහුණු අභ්‍යාසයක් පැවැත්වීය.

02 Apr 2017