වැදගත් සිදුවීම්

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනේ
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට සමත් විය.

15 Apr 2017

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියේ ගිලෙමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු සහ ශ්‍රීලාංකිකයෙකු බේරා ගැනේ
 

මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසු වී ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අවස්ථා දෙකකදී බේරා ගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් ඊයේ (13) සමත් විය.

14 Apr 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) ඩෙල්ෆ්ට් දූපතේ වල්ලියාර් වෙරළ තීරයේ තිබී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් සොයා ගන්නා ලදී.

13 Apr 2017

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධ ජල මානක සමීක්ෂණයක නිරත වෙයි
 

ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව මේ වන විටත් ජල මානක සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් සමීක්ෂණ නෞකාවන් වන දර්ශක් නෞකාව ද එක්වී ඇත.

12 Apr 2017

ලුතිනන් ගුණවර්ධන විසින් රචනා කරන ලද කෘති 2 ක් එළි දැක්වේ
 

ලුතිනන් විශන්ක ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘පවුල ලොවේ උතුම්ම සම්පතයි’ සහ ‘ප්‍රායෝගික මනෝ චිකිත්සා’ නමැති කෘති දෙකක් එළිදැක්වීමේ උළෙල අද (12) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

12 Apr 2017

රෝගියෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට නාවික හමුදාවේ සහාය
 

පූක්කුලම් පිහිටි වෙරළ නිරීක්ෂණ ස්ථානයට ලද තොරතුරක් මත හදිසි අනතුරකට පත් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (45) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා සිලාවතුර රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව අද (12) සහාය විය.

12 Apr 2017

සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි
 

පසුගිය 4 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (11) නැවත ‍දිවයිනට ලඟා විය.

11 Apr 2017

ප්‍රති අාශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

10 Apr 2017

යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (9) යාපනය අර්ද්වීපයේ, අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

10 Apr 2017

මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (9) ඔලුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු ඌරුමස් කිලෝග්‍රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Apr 2017