වැදගත් සිදුවීම්

තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් ‍කේමල් කරමන් මහතා අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

12 Sep 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 11) වන දින නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

12 Sep 2017

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ක්ලැයිරී මේට්‍රවුඩ් මහත්මිය අද (සැප්තැම්බර්11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

11 Sep 2017

‘Gympo - 2017’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා‍ ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 'සැපර්ස් ජිම්පෝ' මොටෝක්‍රොස් 4x4 ශූරතා තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 10) ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසැල් ධාවන පථයේදී පැවැත්විණි.

11 Sep 2017

ජාතික ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යාමට නාවික හමුදා දායකත්වය
 

43 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමීව ජාතික ඔලිම්පික් ගිණි සිළුව දිවයින පුරා රැගෙන යාම පසුගිය දින කීපය තුළදී සිදු කෙරිණි.

11 Sep 2017

නාවික හමුදාව අයගම වැල් පාලම පිළිසකර කරයි
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අබලන් වූ රත්නපුර අයගම පාලම යළි පිළිසකර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත.

11 Sep 2017

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 11) විශ්‍රාම යන ලදී.

11 Sep 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 51 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

11 Sep 2017

250 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

10 Sep 2017

229 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 390 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 229 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 390 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (සැප්තැම්බර් 09) විසිර යන ලදී.

10 Sep 2017