වැදගත් සිදුවීම්

සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු සයුර සහ සාගර නෞකාවන් යලි දිවයිනට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 17) එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් දිවයිනට ලඟා විය.

17 Sep 2017

නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව නිමා වේ
 

නාවික හා සාගරික විද්‍යාපිඨයේ 19 වන උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 30 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 15) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

16 Sep 2017

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන ලද නෞකාව අද කොළඹ වරායට පැමිණේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (සැප්තැම්බර් 16) උදෑසන 0900 පමණ කොළඹ වරායට සේන්දු විය.

16 Sep 2017

කිඹුලෙකු විසින් ඩැහැගන්නා ලද විදේශිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් සිටි විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද(සැප්තැම්බර් 14) කටයුතු කරන ලදී.

15 Sep 2017

“දියකාවා” යුද අභ්‍යාසය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 8 වන වරටත් සංවිධානය කරන ලද දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ත්‍රිවිධ හමුදා සහ විදේශීය හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පිරිදි පැවැත්වෙයි.

14 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 13) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී.

13 Sep 2017

දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනේ
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) යාත්‍රා පදවමින් සිටියදී එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුරට පත්ව දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (සැප්තැම්බර් 12) සමත් විය.

13 Sep 2017

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය පිළිගැනීම අද
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් වු ගරු තිරුණි සින්නයියා මැතිණිය පිළිගැනීම අද (සැප්තැම්බර් 12) දින නාවික හමුදා මුලස්ථානයේදි සිදුවිය.

12 Sep 2017

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාවක් වැලිසර දී
 

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැලැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලවක් ඊයේ (2017 සැප්තැම්බර් 12) වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදි ආරම්භ විය.

12 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් මඩු දේවස්ථානය වැඳ පුදා ගනී
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ එතුමන්ගේ බිරිඳ තිරුනි සින්නයියා මැතිණිය පසුගිය සැප්තැම්බර් මස 10 වන දින මන්නාරම මරද මඩු දේවස්ථානය වැඳ පුදා ගන්නා ලදී.

12 Sep 2017