වැදගත් සිදුවීම්

රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ
 

‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද (10) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

10 May 2017

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් ලේ දන්දීම සඳහා සිය දායකත්වය ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (9) යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී විය.

10 May 2017

සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි වැටක් ස්ථාපනය කෙරේ
 

නාවික හමුදාව විසින් සුර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි ආරක්ෂිත වැටක් සුරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කර, එය අද (9) ජනතා අයිතියට පත් කරන ලදී.

09 May 2017

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී
 

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක් අද (8) සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

09 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017

Colombo Supercross -2017 ධාවන තරඟාවලිය වැලිසරදී පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය අද (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.

07 May 2017

නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ශාත්‍රවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (6) සිදු කළ වැටලීමකදී ලාහුගල රක්ෂිතයේ අක්කරයක පමණ නීති විරෝධි ගංජා හේනක් සොයා ගන්නා ලදී.

07 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 21 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (6) උඩුත්තුරේයි ප්‍රදේශයේ සිදු කරන ලද උදෑසන පාමුර සංවාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 21ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

06 May 2017

Colombo Supercross -2017 ධාවන තරඟාවලිය මැයි 7 වන දින වැලිසර දී පැවැත් වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය හෙට (7) උදෑසන 0830 පැයට වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වේ.

06 May 2017