වැදගත් සිදුවීම්

අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය 2017 සාර්ථක ලෙස නිමාවට පත් වේ
 

නාවික හමුදා අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 30) උතුරු මැද නාවික විධානය‍ට අයත් පූනෑව, ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

01 Oct 2017

ලෝක ළමා දිනය නිමිත්තෙන් දරු දැරියන් හට තල්මසුන් නැරඹීමට අවස්ථාව
 

අදට (ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික රූපවාහිනි නාලිකාව සහ නාවික හමුදාව එක්ව සිසු දරු දැරියන් හට තල්මසුන් නැරඹීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලදී.

01 Oct 2017

ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සහ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරී නාවික හමුදාවට
 

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුර සහ ගාලු මුවදොර පිටියේ පිහිටි ජාතික ධජය එසවීමේ රාජකාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ඔක්තෝබර් 01) සිට නාවික හමුදාවට භාර දෙන ලදී.

01 Oct 2017

12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිර යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක අංශයට අනුයුක්තව පුහුණුව ලැබූ 12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නාවිකයන් 34 දෙනෙකු ඊයේ (සැප්තැම්බර් 29) සාර්ථක ලෙස තුන්වන අධියර පාඨමාලාව හදාරා විසිර යන ලදී.

30 Sep 2017

ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන මහතා අද (සැප්තැම්බර් 30) වැඩ භාර ගන්නා ලදී.

30 Sep 2017

සංග්‍රාමික අත්දැකීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් දකුණු නාවික විධානයේදී
 

දකුණු විධානයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධය පැවති කාල සීමාවේදී මුහුණ දුන් සංග්‍රාමික අත්දැකිම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඊයේ (සැප්තැම්බර් 28) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

29 Sep 2017

නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ජේකොබ් ඉංග්ලිෂ් මහතා අද දින (සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

29 Sep 2017

තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, අතිගරු, ටුන්කා ඌෂුහාදාර් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

28 Sep 2017

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජිත, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජනය කරන, ලුතිනන් කොමාණ්ඩර් රූබන් බ්ලොෆ්ස්යින් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

28 Sep 2017

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, කෝජි යාගි මහතා අද (සැප්තැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.

28 Sep 2017