වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (17) නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 May 2017

එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දෙවන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
 

ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ දෙවන මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (16) සහ අද (17) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

17 May 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 May 2017

ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාවේ පිළිගැනීමේ උත්සවයක්
 

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක නෞකාවක් වන ඕෂන් ශීල්ඩ් නෞකාවේදී ඊයේ (16) උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.

17 May 2017

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රිය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
 

ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි.

16 May 2017

ඕස්ට්‍රේලියානු ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට
 

ඕස්ට්‍රේලියානු රජයට අයත් ‘ඕෂන් ශීල්ඩ්’ නෞකාව අද (16) දෙදින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

16 May 2017

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද Trinco Blu by Cinnamon Sailing Championship - 2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 12 සහ 13 යන දෙදින ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයේ දී පැවැත්විය.

16 May 2017

ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පීන් සඳහා පැවැත් වූ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ
 

ඕමාන් රාජකීය නාවික හමුදාවේ තාක්ෂණික ශිල්පී III වන කණ්ඩායම සඳහා වූ නෞකා පද්ධති නඩත්තු කිරීම පිළිබඳ උසස් ඩිප්ලෝමා පුහුණු පාඨමා‍ලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 12 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

16 May 2017

සිංගප්පූරු ජනපතිතුමන් ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් පිරික්සයි
 

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පිටත්ව එරට චාන්ගි වරායේ නවතා තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් අද (16) සිංගප්පූරු ජනාධිපති, අතිගරු ටෝනි ටෑන් මැතිතුමන් ගේ පිරික්සීමට ලක් විය.

15 May 2017

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් චාන්ගි වරායට සේන්දු වෙයි
 

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පසුගිය 5 වන දින කොළඹ වරායෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් ඊයේ (12) සිංග්පූරුවේ චාන්ගි වරායට සේන්දු විය.

13 May 2017