වැදගත් සිදුවීම්

බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

කිරින්ද වෙරළාරක්ෂක බලකා‍යට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 May 2017

ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ආපදාවකට ලක්ව මුහුදේ අතරමංව තිබූ ‘තිලක් 1’ නැමති බහුදින ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (20) සහාය විය.

20 May 2017

රාජකීය කැනේඩියානු නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

කැනඩා නාවික හමුදාවට අයත් ‘විනිපෙග්’ නැමති නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.

20 May 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (20) ජනතා අයිතියට පත් කෙරෙණි.

20 May 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 May 2017

ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

2017 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.

19 May 2017

28 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සයුර නෞකාවේදී පවත්වයි
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (19) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව තුළ පවත්වන ලදී.

19 May 2017

නාවික රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී
 

අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝහාර දැක්වීම අද (19) උදෑසන 0900 පැයට වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

19 May 2017

නාවිකයන් හට නිවාස පරිත්‍යාග කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

නිවාස නොමැති නාවිකයන් දෙදෙනෙකු හට නිවාස ලබා දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණි.

18 May 2017

ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශණය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් ඊයේ (17) සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

18 May 2017