වැදගත් සිදුවීම්

විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් තවත් නෞකාවක් කොළඹට
 

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් ආපදාවට ලක් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ශර්දුල් නෞකාව අද (28) දහවල් කොළඹ වරායට සේන්දු විය.

28 May 2017

ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරුනාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.

28 May 2017

ප්‍රථම වරට නිෂ්පාදනය කළ කුඩා ජල පිරිපහදු යන්ත්‍රය නාවික රණවිරු පවුලක් වෙත පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගිය 25 වන දින නාවික රණවිරු පවුලක් වෙත ප්‍රදානය කරන ලදී.

28 May 2017

බද්දේගම, වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
 

නාවික හමුදාව මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම වක්වැල්ල පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටී.

28 May 2017

ඉන්දියානු ශිෂ්‍යභට නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ (Indian Naval Academy) අද (27) පැවැත්වූ 2017 කාණ්ඩයේ ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ එහි ප්‍රධාන නිලධාරියා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

27 May 2017

කළුතර - උඩුගම ආපදා සහන කටයුතු සඳහා ඉන්දියානු නාවික හමුදාව එක් වෙයි
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘කර්ච්’ නෞකාවේ කාර්යය මණ්ඩලය, මේ වන විට ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී.

27 May 2017

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දීය නාවික හමුදා කර්ච් නෞකාව කොළඹ වරායට පැමිණේ
 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් කර්ච් නෞකාව අද (27) කොළඹ වරායට සේන්දු විය.

27 May 2017

13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 25 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (26) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි.

27 May 2017

සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්‍ර නෞකාවන් යලි දිවයිනට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර යන නෞකාවන් සිය සිංගප්පූරු නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (25) නැවත කොළඹ වරායට සේන්දු විය.

25 May 2017

කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය කොළඹ දී පැවැත්වේ
 

කුඩා සහ මහ රාවණා සාගරික සංරක්ෂණ සම්මන්ත්‍රණය අද දින (24) කොළඹ ලයිට් හවුස් ගැලි හෝටලයේ දී සාර්ථකව පවත්වන ලදි.

24 May 2017