වැදගත් සිදුවීම්

සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.

02 Jun 2017

සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී දී ‍ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jun 2017

පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.

02 Jun 2017

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී.

01 Jun 2017

රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

01 Jun 2017

ඕස්ට්‍රේලියානු සහනාධාර නාවික හමුදාව‍ට භාර කෙරේ
 

ශ්‍රී ලංකාවට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මගින් පරිත්‍යාග කරන ලද ආපදා සහන යාත්‍රා සහ අනෙකුත් උපකරණ නාවික හමුදාවට භාර දීම අද (1) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරුණි.

01 Jun 2017

චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් අද (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.

31 May 2017

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (31) දින, මෙරටට පැමිණි චීන සමූහාන්ඩුවට අයත් නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

31 May 2017

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කඩිනම් පරිත්‍යාග
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (31) කඩිනම් පරිත්‍යාගයන් කීපයක් සිදු කෙරිණි.

31 May 2017

තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට
 

ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට අද (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ.

31 May 2017