වැදගත් සිදුවීම්

මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පුත්තලමේදී ඉදි කරයි

මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව උඳුනක් ස්ථාපිත කිරීම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අතර, එය විවෘත කිරීම, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 18 වන දින සිදු කෙරිණි.

19 May 2024

34 වන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 34 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය 2024 මැයි මස 17 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

19 May 2024

‘Sea Vision’ පුහුණු පාඨමාලාව කොළඹදී සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘Sea Vision’ පුහුණු පාඨමාලාව 2024 මැයි මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

18 May 2024

නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර 02 ක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි.

18 May 2024

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3146 ක් ඊළඟ තරාතිරමට උසස් කෙරේ

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර ඇත.

18 May 2024

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 20 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 20 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් විසි දෙනෙකු (20) විසිරයාම අද දින (2024 මැයි 17) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික තාක්‍ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

17 May 2024

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද දින (2024 මැයි 16) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

16 May 2024

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ගරු ජූලි චංග් මහත්මිය නිල හමුවක් සඳහා 2024 මැයි මස 15 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ හමු විය.

16 May 2024

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 මැයි 13) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

13 May 2024

සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කර මහා සංඝරත්නය වෙත පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන මහා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දෙමහල් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පුජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය, 2024 මැයි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

13 May 2024