වැදගත් සිදුවීම්
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයින් 03 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
30 Oct 2017
කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා දෙක කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් අද (ඔක්තෝබර් 29) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
29 Oct 2017
ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වේ

පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ (ඔක්තෝබර් 28) මට්ටක්කුලිය, කාක දුපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.
29 Oct 2017
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා 06 ක් කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් විශාලතම සහ පැරණිතම නෞකාව වන ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 28) කොළඹ වරායට සේන්දු විය.
28 Oct 2017
නාවික හා සාගරික විද්‍යාපිඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 16 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම ඊයේ (ඔක්තෝබර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
28 Oct 2017
ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය.
27 Oct 2017
කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වේ

කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය.
27 Oct 2017
බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 23 දින කොළඹ වාරයට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව ඊයේ (ඔක්තෝබර් 26) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
27 Oct 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 26) වන දින කෝවිලම් ප්‍රදිපාගරයේ සිට නාවික සැතපුම් 16.7 ක් පමණ උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
27 Oct 2017
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.
26 Oct 2017