වැදගත් සිදුවීම්

අකු‍රේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

07 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (7) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2017

කැලණිය ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට තවදුරටත් නාවික හමුදා සහය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයක් හමුවේ කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

07 Jun 2017

උතුරු- දකුණු සහෝදරත්වයේ වැඩසටහනට උතුරු නාවික විධානයේ සහය
 

උතුරු නාවික විධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගිය (ජූනි 01) දින උතුරු පළාත් සභා ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත භාර දෙන ලදි.

06 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු වංකාලේ නාරපාඩු මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

06 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු ත්‍රිකුණාමලය, නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

06 Jun 2017

සහන සේවාවන් සඳහා දායක වූ නාවික පුද්ගලයින්ට නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රසාදය
 

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ සියළු නාවික පුද්ගලයින් හට ඔවුන් දක්වන ලද මෙහෙවර වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඇගයීමට ලක් කෙරුණි.

05 Jun 2017

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ
 

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2017/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය පසුගිය ජූනි (2) දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික ආයතනයේ දී පවත්වන ලදි.

05 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 05) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jun 2017

නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (ජූනි 04), අත්අඩංගුවට ගෙන ඇත.

05 Jun 2017