වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) ත්‍රිකුණාමලයේ, චැපල් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

14 Jun 2017

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමු වේ
 

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියුතු පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 13) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී හමුවිය.

13 Jun 2017

ළිං 74 ක් පිරිසිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ සහ එක්සත් ජනපද නාවික හමුදාවේ සහාය
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ ළිං 74 ක් ඊයේ (ජුනි 13) පිරිසිදු කරන ලදි.

13 Jun 2017

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමන් බැහැ දකී
 

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා‍වට පැමිණ සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින (ජූනි 13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ආරක්ෂක අමාත්‍යංශයේදී නිල වශයෙන් මුණ ගැසුණි.

13 Jun 2017

පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ජාතික යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
 

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා, අද දින (ජූනි 13), බත්තරමුල්ලේ පිහිටි යුද විරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා ගෞරවය පුද කරන ලදී.

13 Jun 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ස්ථාපනය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් දෙනියාය, මොරවක ප්‍රදේශයේ සහ අනුරාධපුර විද්‍යාධාර පිරිවෙනේ අද (ජූනි 13) විවෘත කරන ලදි.

13 Jun 2017

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි ශුරතාව නාවික හමුදාවට
 

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය පසුගිය (ජූනි 11) වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවති අතර, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි ජයග්‍රාහී කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

13 Jun 2017

නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ.
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෟකාවෙන් පැමිණි සියයකට අධික නාවික පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව ගාල්ල සහ මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල අද දින (ජුනි 12) නිරත විය.

12 Jun 2017

පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
 

තෙදින නිළ සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාධිපති මොහොමඩ් ශකාවුල්ලා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජුනි 12) දින නාවික හමුදා මූලස්ථානයේදී බැහැ දකින ලදි.

12 Jun 2017

වව්නියාව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් වව්නියාව විශ්ව විද්‍යාලයේ ඊයේ දින (ජුනි 12) විවෘත කෙරිණි.

12 Jun 2017