වැදගත් සිදුවීම්
අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2017

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2017 පසුගිය දෙසැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
22 Dec 2017
සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය ඔක්තෝබර් මස 26 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව එම කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (දෙසැම්බර් 21) දිවයිනෙන් පිටත් විය.
21 Dec 2017
67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් පරාක්‍රම ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව ඊයේ (දෙසැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
21 Dec 2017
ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ගම්පොල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් 19 වන දින පේරාදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
21 Dec 2017
ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්

2017 ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියේ ඊයේ (දෙසැම්බර් 20) පැවති තරඟයෙන් පොලිස් කණ්ඩායම පරදා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
21 Dec 2017
විවෘත රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්

ලංකා මෝටර් රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද විවෘත රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථක ලෙස පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.
21 Dec 2017
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ සෙටොගිරි නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
20 Dec 2017
ශ්‍රී ලංකා - ඉන්දියානු නාවික හමුදා ඒකාබද්ධ ජල මානක මිනුම් දෙවන අධියර සාර්ථකව නිමා වෙයි

පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ඉන්දියානු නාවික හමුදාවට අයත් සුට්ලේජ් නෞකාව පැමිණීමත් සමඟ ආරම්භ කරන ලද ඉන්දු-ලංකා නාවික හමුදා ඒකාබද්ධ ජලමානක මිනුම් දෙවන අධියර අද දින (දෙසැම්බර් 19) සාර්ථක ලෙස නිමා කරන ලදී.
19 Dec 2017
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් තිස් නව දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 54 වන ශිෂ්‍යභට, 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (නීති හා සේවා) සහ 56 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 39 දෙනෙකු දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 18) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි.
19 Dec 2017
ආරක්ෂක ලේකම්තුමන්ගේ නැගෙනහිර නාවික විධාන සංචාරය

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ එම මැතිනිය ඊයේ (දෙසැම්බර් 18) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
19 Dec 2017