වැදගත් සිදුවීම්
ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 25) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
26 Dec 2017
ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 24) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.
25 Dec 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී මලිගාවත්ත, ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (දෙසැම්බර් 24) අත්අඩංගුවට ගන්නා ලදී.
25 Dec 2017
නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 20 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධානයේ සිව් දින නිළ සංචාරයක නිරත වන ලදි.
24 Dec 2017
නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
24 Dec 2017
දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය

කළුතර පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 22 වන දින කළු ගඟේ ඔරු පැදීමට යාමේදී ඔරුව පෙරලි දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත.
24 Dec 2017
අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 22) කටයුතු කරන ලදී.
23 Dec 2017
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘සෙටොගිරි’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව යයි

පසුගිය දෙසැම්බර් 20 දින ත්‍රිකුණාමලය වාරයට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) ‘සෙටොගිරි’ නෞකාව ඊයේ (දෙසැම්බර් 22) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.
23 Dec 2017
66 වන ජාතික හා ප්‍රවිණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලියේ නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

66 වන ජාතික සහ ප්‍රවීණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලිය 2017 පසුගිය දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිහිණුම් තඨාකයේ සහ ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට නාවික හමුදාවට හැකි විය.
22 Dec 2017
සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය

සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (දෙසැම්බර් 21) ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කරන ලදී.
22 Dec 2017