වැදගත් සිදුවීම්

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

18 Jul 2017

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ ඇගැයුමට
 

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) නච්චිකුඩා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Jul 2017

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියාගේ දිවි බේරා ගත් නාවික පුද්ගලයන් ඇගැයුමට
 

පසුගිය ජූලි මස 11 වන දින සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇගයුමට ලක් විය.

17 Jul 2017

වැලිසර ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර සහ එල්ඊඩී විදුලි ලාම්පු ප්‍රදානය කෙරේ
 

චීනයේ යුහාන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් කීපයක් හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අළුතින් ස්ථාපනය කරන ලද ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගයන් කිහිපයක් සිදු කරන ලදී.

17 Jul 2017

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Jul 2017

ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

17 Jul 2017

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 16) කෝවිලන් මුහුදු ප්‍රදේශයට වයඹ දෙසින්, නාවික සැතපුම් 9 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් (DHOW) අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කල්පිටිය, කිළිතිව් සහ නෙදුන්තිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jul 2017

නාවික තක්සලාවේ අභිමානවක් ස්වර්ණ ජයන්ති සැමරුම අදයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය ආරම්භ කර අදට (ජූලි 15) වසර 50 ක් සපිරේ. මෙම විද්‍යාපීඨය 1967 ජුලි මස 15 වන දින අධිකාරීත්වයට පත්කරන ලද අතර, එම දිනය නාවික හා සාගරික විද්‍යාපීඨයෙහි ආරම්භක දිනය ලෙසත් නාවික හා සාගරික විද්‍යාපීඨ දිනය ලෙසත් සලකනු ලබයි.

15 Jul 2017