වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි,22) නයාරු සහ කෝකිලායි මුහුදු ප්‍රදේශයන්හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Jul 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 21) රාත්‍රියේ පෙදුරුතුඩු‍‍වට නාවික සැතපුම් 15 ක් පමණ උතුරින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

21 Jul 2017

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ නෞකාවේ සංචාරයක නිරත වෙයි
 

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු, රුවන් විජයවර්ධන මහතා අද (ජූලි 21) සුහද සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ධජ නෞකාව වන ඉසුමෝ යුද නෞකාවේ සංචාරයක නිරත විය.

21 Jul 2017

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු 5 ක් සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 20) තංගල්ල ධිවර වරාය ආසන්නයේදී කස මෝරුන් 5 දෙනෙකු සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 Jul 2017

ශ්‍රීලංනානෞ තම්බපන්නි ආයතනයේ නව නිලධාරී නිවස්නය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරී නිවස්නය අද (ජූලි 20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

20 Jul 2017

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා අද (20) මෙරටට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

20 Jul 2017

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් 2 ක් කොළඹ වරායට
 

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (ජුලි 20) කොළඹ වරායට සේන්දු විය.

20 Jul 2017

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මීගමුව, බටුවත්ත ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

19 Jul 2017

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මට්ටක්කුලිය, අළුත්මාවත ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි පැකට් 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

19 Jul 2017

ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

18 Jul 2017