වැදගත් සිදුවීම්

වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය අද (ජුලි 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

25 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (24) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jul 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 24) රාත්‍රියේ ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 10 ක් පමණ වයඹ දෙසින්වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

25 Jul 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට; විදේශිකයන් දෙදෙනෙකුත් ඒ අතර
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ තිස්සමහාරාම පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජූලි 23) කිරින්ද, යාල ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස තුවක්තු (Spear gun) භාවිතා කරමින් විනෝදාස්වාදය සඳහා මසුන් දඩයම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Jul 2017

2 වන දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

2 වන වරට පවත්වන ලද දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රහණ දිනා ගත් නාවික පුද්ගලයන් අද (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

24 Jul 2017

සයුරුසර 33 වන කළාපය එළිදකී; සයුරුසර වසර 10 සපුරයි
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ හා විශේෂ නාවික පුවත් වලින් සමන්විත සයුරුසර සඟරාවේ 33 වන කළාපයේ පළමු පිටපත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (24) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

24 Jul 2017

මුහුදේ ගසාගෙන යමින් සිටි තවත් අලි දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැණේ.
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 23) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු (02) බේරා ගෙන ඇත.

23 Jul 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමේ දෙවන අදියරය ඇරඹේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

23 Jul 2017

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය ජූලි 20 දින කොළඹ වාරයට සේන්දු වූ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක අද (ජුලි 23) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

23 Jul 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය විශාලතම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනි
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම අද දින (ජුලි, 22) සිදු කරන ලදි.

23 Jul 2017