වැදගත් සිදුවීම්

‘අපිම අරඹමු - ඩෙංගු දුරලමු’ ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සමඟ නාවික හමුදාව අත්වැල් බැඳ ගනී
 

රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙංගු මර්ධන වසංගතයට එරෙහිව සටන් ඇරඹීය.

29 Jul 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි, 29) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

29 Jul 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අධි තාක්ෂණික නෞකාව අද කොළඹ වරායට පැමිණේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය.

28 Jul 2017

එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

28 Jul 2017

නව පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් සජාඩ් අලි මහතා අද (ජූලි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

28 Jul 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයන් දහසකට (1,000) පොලී රහිත ණය මුදල්
 

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දහ තුන්වන (13) අධියර යටතේ අද (ජූලි 28) ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා ප්‍රේශණපත් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

28 Jul 2017

අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 28) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

28 Jul 2017

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පේදුරුතුඩුව, වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 950 ක් සමඟ පුද්ගලයෙකු අද උදෑසන (ජුලි 27) අත්අඩංගුවට ගෙන ඇත.

27 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) පේදුරුතුඩුව, මානට්කාඩු මුහුදු ප්‍රදේශයේ වලංගු බලපත්‍ර රහිතව නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

26 Jul 2017

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි කිරිමකදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් අද (ජුලි 25) අත්අඩංගුවට ගන්නා ලදි.

25 Jul 2017