වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක්,‍ ගල්නෑව කඳුඵගමුව විද්‍යාලය, නෑගම මුස්ලිම් විද්‍යාලය සහ මුලතිව් තුනුක්කායි ගම්මානය යන ස්ථානයන් හිදී ඊයේ (අගෝස්තු 2) ජනතා අයිතියට පත් කෙරිණි.

03 Aug 2017

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
 

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘Dunlop Bell Sailing Championship – 2017’ රුවල් යාත්‍රා තරඟාවලිය පසු ගිය ජූලි මස 23 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි.

02 Aug 2017

ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා අද (අගෝස්තු 2) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

02 Aug 2017

ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
 

සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (අගෝස්තු 01) මෙරටට පැමිණි ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා අද උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය.

02 Aug 2017

කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මිරිස්ස, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක්, වැලිගම පොලිසීයේ සහය ඇතිව අද (ජූලි 30) කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

30 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 03 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

30 Jul 2017

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි, 29) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.

30 Jul 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (29) ත්‍රිකුණාමලය ‍නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

30 Jul 2017

නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 අද (ජූලි 29) සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධානයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

29 Jul 2017

ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ඉදි කිරීම් රැසක් නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

ත්‍රිකුණාමලයේ සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ විවෘත කිරීම් රැසක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය.

29 Jul 2017