වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 07) නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු සහ ට්‍රැක්ටරක් අත්අඩංගුවට ගෙන ඇත.

08 Aug 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අධියරක් අද (අගෝස්තු 07) නිමාවට පත් විය.

07 Aug 2017

ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 06), කෝකිලායි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

07 Aug 2017

චීන නාවික හමුදාවේ රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’(Hepingfangzhou)නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 06) උදෑසන කොළඹ වරායටසේන්දු වූ අතර,එහිදී, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවපිළිගන්නා ලදී.

06 Aug 2017

නාවික කුසලානය - 2017, 14 න් පහළ සත් සාමාජික පාපන්දු අවසන් තරඟාවලිය යාපනයේදී
 

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලබන නාවික කුසලාන 2017, 14 න් පහල සත් සාමාජික පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ ඊයේ (අගෝස්තු 05) යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

06 Aug 2017

ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සඳහා නාවික හමුදා සහාය
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටි.

04 Aug 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

04 Aug 2017

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ජනපතිතුමන් අතින් අධිකාරියට
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම අද (අගෝස්තු 2) දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පස්වරු 0400 පැයට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී සිදු කෙරිණි.

03 Aug 2017

ඉන්දියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියෝජිතයන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අද (අගෝස්තු 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Aug 2017

ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු යලි එරටට භාර දීම අද (අගෝස්තු 03) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

03 Aug 2017