වැදගත් සිදුවීම්

කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 03 වැනි දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේදී පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහය ලබාදීමට කටයුතු කෙරිණි.

04 Aug 2025

මහනුවර ඇසල මහා පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන බැතිමතුන්ගේ සුරක්‍ෂිතභාවය නාවික හමුදාව තහවුරු කරයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙරහැර වීථී සංචාරයෙන් ආරම්භ වූ අතර, අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

04 Aug 2025

රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Captain (Navy) Hussain O Alkowaileet අද දින (2025 අගෝස්තු 04) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

04 Aug 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක අද (2025 අගෝස්තු 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

02 Aug 2025

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා 2025 ජුලි මස 30 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

31 Jul 2025

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් හා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු මඟ පෙන්වීම මත නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, සේවා වනිතා ඒකකය සහ යුනිලීවර් ආයතනය හා එක්ව 2025 ජුලි මස 23 වැනි දින සිට 27 වැනි දින දක්වා දකුණු නාවික විධානය ආවරණය වන පරිදි ප්‍රජා මුඛ සෞඛ්‍යය දැනුවත් කිරීමේ හා දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්විණි.

30 Jul 2025

“ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය” සඳහා නාවික හමුදාවද එක්වෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරුකරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණ ඇතිව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය 2025 ජුලි මස 26 වැනි දින ආරම්භවූ අතර, එයට සමඟාමීව එදින එහි පළමු අදියර ලෙස ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය සාර්ථකව පැවැත්විණි.

28 Jul 2025

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 ජුලි මස 26 වැනි දින වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

28 Jul 2025

නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ අවුට්රිච් ප්‍රොජෙක්ට්ස් (ගැරන්ටි) ලිමටඩ් සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහආරගම, ඇතිලිවැව සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝනගංආර ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 24 වැනි දින සිදු කෙරිණි.

28 Jul 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025 (TRINEX - 25) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX - 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව 2025 ජුලි මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.

28 Jul 2025