වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (අගෝස්තු 09) රාත්‍රී සහ අද අළුයම් කාල සීමාවේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

10 Aug 2017

ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධීවරයින් දෙදෙනෙකු (02) නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙ‍දෙනෙකු (02) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (අගෝස්තු, 09) දින සිදු කෙරිණි.

09 Aug 2017

චීන නාවික හමුදා රෝහල් නෞකාව ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාව අද (අගෝස්තු 09) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමු දෙන ලදී.

09 Aug 2017

අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ‘දිනූ පුතා 1’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (අගෝස්තු 09) අළුයම කටයුතු කරන ලදී.

09 Aug 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 09) උදෑසන නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

09 Aug 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු 08) සිදු කළ සෝදිසි කිරීමකදී පුත්තලම, නැදුන්කුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

09 Aug 2017

චීන නාවික හමුදාවේ ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සිව් දින සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින කොළඹ වරායට සේන්දු වූ, චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (අගෝස්තු 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

08 Aug 2017

නාවික හමුදාධිපතිතුමන් ‘සයුරළ’ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (අගෝස්තු 08) නාවික හමුදාවට අළුතින් එක් වූ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත විය.

08 Aug 2017

නාවික හමුදාධිපතිතුමන් ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (අගෝස්තු 07) ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින පහසුකම් පිළිබඳව අධ්‍යනය කිරිමේ නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය.

08 Aug 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 12 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මුර සංචාරක වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් ඊයේ (අගෝස්තු 07) රාත්‍රියේ සහ අද උදෑසන මුර සංචාරක කටයුතු අතරතුරදී ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 12 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

08 Aug 2017