වැදගත් සිදුවීම්

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (අගෝස්තු 30) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

30 Aug 2017

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘RCYC Commodore’s Race Sailing Championship – 2017’ රුවල් යාත්‍රා තරඟාවලිය පසු ගිය අගෝස්තු මස 26 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි.

29 Aug 2017

ඇමරිකා එක්සත් ජනපද‍ නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා අද (අගෝස්තු 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

29 Aug 2017

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

29 Aug 2017

නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

29 Aug 2017

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සමගාමීව පුහුණු අභ්‍යාස සාර්ථකව පැවැත්වේ
 

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට (NOLES) සමගාමීව පැවැත්වෙන ක්ෂේත්‍ර අභ්‍යාස සාර්ථකව 8 වැනි දිනටත් වැලිසර නාවික පරිශ්‍රයේදී පැවැත්වේ.

29 Aug 2017

නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නයිජිරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා අද දින (2017 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

28 Aug 2017

නව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

28 Aug 2017

නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ දානමය පිංකමක්
 

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 27) නැගෙනහිර නාවික විධාන නිලධාරි නිවස්නයේදී ගරුතර මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පැවැත්වීය.

27 Aug 2017

රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 26) කටයුතු කරන ලදී.

27 Aug 2017