වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (2017 සැප්තැම්බර් 01) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ දී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය.

01 Sep 2017

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 30 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු විධායක සම්මන්ත්‍රණය, අද (සැප්තැම්බර් 1) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

01 Sep 2017

සැම්බ්යානු යුද හමුදාධිපති වැලිසර වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක
 

යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද ( 2017 සැප්තැම්බර් 01) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක නිරත විය.

01 Sep 2017

නාවික හමුදා හෙද විදුහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

කොළඹ, නාවික මහ රෝහලෙහි ස්ථාපිත කර ඇති නාවික හෙද විදුහලෙහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ‍මුල්ගල තැබීම ඊයේ (2017 අගෝස්තු 31) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා ඩිඑච් කුලරත්න මහතා අතින් සිදුවිය.

01 Sep 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 30 වන දින ඩෙල්ෆ්‍ට් දූපතට නාවික සැතපුම් 11.2 ක් පමණ වයඹ දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

01 Sep 2017

රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (පුද්ගල) සහ ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (අගෝස්තු 31) විශ්‍රාම යන ලදී.

31 Aug 2017

යුක්රේනියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දියාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ යුක්රේන ආරක්ෂක උපදේශක ඔලෙ හුලැක් මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

31 Aug 2017

සැම්බ්යානු යුද හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

31 Aug 2017

මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් සිව් ‍දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අද අළුයම (අගෝස්තු 31) අනතුරකට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

31 Aug 2017

මාරාන්තික නොවන අවි පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව (NOLES – 2017) වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 21 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු ප්‍රායෝගික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව, අද (අගෝස්තු 30) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

30 Aug 2017