වැදගත් සිදුවීම්

250 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

10 Sep 2017

229 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 390 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 229 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 390 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (සැප්තැම්බර් 09) විසිර යන ලදී.

10 Sep 2017

ත්‍රිත්ව විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂයෙකු වන නාවික හමුදධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හට ඊයේ (සැප්තැමිබර් 09) දින ත්‍රිත්ව විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවති සිංහ රාත්‍රිය සම්මාන උළලේදි ‘ත්‍රිත්ව සම්මානය’ පිරිනමමින් බුහුමන් දැක්විය.

10 Sep 2017

නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 152 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (සැප්තැම්බර් 09) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

09 Sep 2017

ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය 50 වන සංවත්සරය සමරයි
 

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය අද (සැප්තැම්බර් 08) සිය 50 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.

08 Sep 2017

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

08 Sep 2017

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

08 Sep 2017

නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කොමදෝරු, ශාහ් අස්ලාම් පර්වේස් මහතා අද දින (සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

07 Sep 2017

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්
 

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (2017 සැප්තැම්බර් 05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය. එය CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතය.

06 Sep 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (සැප්තැම්බර් 04) සිදු කළ වැටලීමක දී මීගමුව මාළු වෙළඳසැලේ විකිනීම සඳහා සූදානම් කර තිබූ කස මෝරුන් (Thresher Shark) කිලෝග්‍රෑම් 272 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Sep 2017