වැදගත් සිදුවීම්

නාවික හමුදා කිමිදුම් නාවිකයින් දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනීමේ පුහුණුව - 2017 සාර්ථක ලෙස නිමා කරයි
 

එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් හට පවත්වන ලද දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනිමේ පුහුණු වැඩසටහන ඊයේ (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

23 Sep 2017

වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
 

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී.

22 Sep 2017

නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.

22 Sep 2017

නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත.

22 Sep 2017

රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් දිමිත්‍රි මහයිලොව්ස්කි මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

19 Sep 2017

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයන් අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයින් අතර පවත්වනු ලැබූ ප්‍රථම මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (සැප්තැම්බර් 18) කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

19 Sep 2017

සූඩාන් සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සූඩාන සන්නද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරර් මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

19 Sep 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 19) අළුයම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

19 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් ඉන්දියානු නාවික යුද පාසලේ විශේෂ දේශණයක් පවත්වයි
 

සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය සැප්තැම්බර් 14 ඉන්දියාවේ සංචාරයක නිරත විය.

18 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් නව වෙරළාරක්ෂක නෞකාවේ සංචාරයක
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 18) ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කරන ලදගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවේ චාරිකාවාරයක නිරත විය.

18 Sep 2017