වැදගත් සිදුවීම්

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඒකාබද්ධ කාර්යය මණ්ඩල මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් කට්සුටෝෂි කවානෝ මහතා ඊයේ (මාර්තු 09) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

10 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක සේවාව සිය ප්‍රථම නාවික සිතියම නාවික හමුදාධිපතිතුමා වෙත ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් කච්චතිව් දූපත ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රථම නාවික සිතියම අද (මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

09 Mar 2018

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි
 

ශ්‍රී ලංකාවේ වරායන් ආශ්‍රිතව සිදු විය හැකි රසායනික, ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් මැඩලීම සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණ සම්බන්ධයෙන් එයට අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

09 Mar 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

09 Mar 2018

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (මාර්තු 08) බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

08 Mar 2018

ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශිකාව නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශිකා, කරීන් ගලයිස්නර් මහත්මිය ඊයේ (මාර්තු 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.

07 Mar 2018

නාවික හමුදා මධ්‍යම යන්ත්‍ර වැඩපල විවෘත කෙරේ
 

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික හමුදා මධ්‍යම යන්ත්‍ර වැඩපළ පසුගිය ඊයේ (මාර්තු 06) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අතින් විවෘත කෙරිණි.

07 Mar 2018

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමු විය.

06 Mar 2018

කොමාණ්ඩර් අබේවර්ධන බණ්ඩාර ශ්‍රීලංනා‍‍නෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (ජලමානක) අබේවර්ධන බණ්ඩාර මහතා අද (මාර්තු 06) වැඩ භාර ගන්නා ලදී.

06 Mar 2018

නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (මාර්තු 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

06 Mar 2018