වැදගත් සිදුවීම්
කොමදෝරු කලණ ජිනදාස මහතා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු කලණ ජිනදාස මහතා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් ඊයේ (මාර්තු 19) වැඩ භාර ගන්නා ලදී.
20 Mar 2018
හැමිල්ටන් ඇල මාර්ගය අවහිර වන සේ වැටී තිබූ දැවැන්ත ගස නාවික හමුදාව විසින් ඉවත් කරයි

ලකන්ද, හැමිල්ටන් ඇල මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත නුග ශාක කොටස ඉවත් කර එහි ජලය බැස යාම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව සමත් විය.
19 Mar 2018
නිවේදන හැකියාව වර්ධනය කිරීමේ ප්‍රථම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නාවික පුද්ගලයින් සතු නිවේදන හැකියාව වර්ධනය කිරීමේ වැඩමුළුව පසුගිය මාර්තු මස 17 සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.
19 Mar 2018
නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
19 Mar 2018
සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් යලි දිවයිනට

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (මාර්තු 17) කොළඹ වරායට සේන්දු විය.
17 Mar 2018
ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රීලංනානෞ මිහිකත වෙත ප්‍රධාන එන්ජින් 2 ක් ප්‍රදානය කරයි

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්‍රදානය කරන ලදී.
15 Mar 2018
ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 26 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 26 වන සංවත්සරය පසුගිය (මාර්තු 09) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) ජගත් ප්‍රේමරත්න මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
13 Mar 2018
රියර් අද්මිරාල් ආටිගල මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අද (මාර්තු 12) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
12 Mar 2018
අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල 2018 සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල - 2018 පසුගිය මාර්තු මස 10 සහ 11 යන දෙදින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.
12 Mar 2018
ගංවතුර ආපදා තත්ව පෙර දැනුම් දීමේ, සහන සැළසීමේ පද්ධතියක් සහ ඒ පිළිබඳ වැඩමුළුවක් නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

නාවික හමුදා භූගෝලීය තොරතුරු පද්ධති අංශය විසින් පසුගිය මාර්තු මස 08 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, එම දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදු විය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී නාවික හමුදාව සතු කාර්යභාර්ය මෙන්ම අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ආකාරය ඇතුළත් වැඩමුළුවක් පැවැත්වූ අතර, එහිදී ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැළසීමේ ක්‍රමවේදයක් සහිත පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරිණි.
12 Mar 2018