වැදගත් සිදුවීම්

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආපදා කළමණාකරන හා ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය මාර්තු මස 23 වන දින කල්පිටිය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

26 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද දෙවන අධි තාක්ෂණික නෞකාව කොළඹ වරායට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (මාර්තු 26) උදෑසන 0940 පමණ කොළඹ වරායට සේන්දු විය.

26 Mar 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය මාර්තු 22 වන දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව අද (මාර්තු 25) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

25 Mar 2018

ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

ආරක්‍ෂක සේවා කායක් ඔරු තරඟාවලිය - 2018 පසුගිය මාර්තු 21 වන දින සිට 23 වන දින දක්වා දියවන්නා ආධුනික කායක් ඔරු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධනී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා සහභාගි විය.

24 Mar 2018

කපිතාන් ජානක නිශ්ෂංක ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ජානක නිශ්ෂංක මහතා අද (මාර්තු 24) දින වැඩ භාර ගන්නා ලදී.

24 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනී
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිශ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම ඊයේ (මාර්තු 22) එම නැව් තඨාකංගනයේදී සිදු කෙරිණි.

23 Mar 2018

ඉන්දියාවේ අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂකතුමිය නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය අද (මාර්තු 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

23 Mar 2018

ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු ජයග්‍රහණය නාවික හමුදාවට
 

කොළඹ තුරඟ තරඟ පිටියේ ඊයේ (මාර්තු 22) පැවති 2018 ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය.

23 Mar 2018

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 22) කොළඹ වරායට සේන්දු විය.

22 Mar 2018

තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත රණරිසි වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද (මාර්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

20 Mar 2018